රොකට් ප්‍රහාරයට ප්‍රතිචාරයක් - ගාසා තීරයට ඊශ්‍රායල් ප්‍රහාර


පලස්තීන සටන්කාමීන් ගාසා තීරයේ සිට ඊශ්‍රායලය වෙත එල්ල කර තිබූ රොකට් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ හමාසා කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ගාසා තීරය වෙන් කරන දේශසීමාවේ ආතතීන් උත්සන්න වෙමින් පවතින අතර නැවත වරක් ප්‍රචණ්ඩක්‍රියා ඉහළ යා හැකි බවට කනස්සල්ල මතු වී ඇත.

ගාසා තීරයේ සටන්කාමීන් යුදෙව් බහුතරයක් වෙසෙන ප්‍රාන්තයට අඛණ්ඩව රාත්‍රි තුනක් රොකට් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඊශ්‍රායල් හමුදා එම රොකට් ඔවුන්ගේ ප්‍රතිමිසයිල යොදා ගනිමින් අවහිර කර තිබේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයන්ට පළිගැනීමක් ලෙස ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් ගාසා තීරයේ හමාසා සංවිධානය වෙත කවරාකාර හානියක් සිදුව ඇතිද යන්න ගැන හෝ ජීවිත හානි පිළිබඳ  මෙතෙක් වාර්තා වී නැත.



Recommended Articles