රූබල්වලින් ගෑස්වලට ගෙවීම් EU සම්බාධකවලට පසුබෑමක්


රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් විසින් මෙම සතිය මුලදී ප්‍රකාශයට පත් කරනලද ගෑස් ගෙවීම් සඳහා රූබල් වෙත මාරුවීම හේතුවෙන්, යුරෝපීය සංගමයට ගෑස් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් තමන්ගේම රුසියානු විරෝධී සම්බාධක මග හැරීමට බල කෙරෙනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මෙසේ ගෑස් බෙදාහැරීම් සඳහා ගෙවීමට යුරෝපයට රුසියාවේ මහ බැංකුවෙන් රුබල් මිලදී ගැනීමට සිදුවන අතර,  රුසියානු මහ බැංකුවද මෙම මස මුලදී යුරෝපා සංගමයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් විය. මෙම තහනම රුසියානු මූල්‍ය නියාමකයා සහ යුරෝපා සංගමය අතර සියලු මූල්‍ය ගනුදෙනු තහනම් කරවූවකි.

කෙසේ වෙතත් දැන් රුසියානු ජනාධිපතිවරයාගේ මෙම පියවර යුරෝපා සංගමයට යළිත් තම සම්බාධක ආපසු හරවා ගැනීමට සිදුවූ තත්ත්වයක් නිර්මාණය කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



Recommended Articles