රුසියාවේ සමස්ත කොවිඩ් ආසාදන මිලියන 4 ඉක්මවයි


නව ආසාදිතයන් 14,494ක් ගෙවීගිය දිනයේ වාර්තා කිරීමෙන් පසු රුසියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4ක සීමාව ඉක්මවා ගොස් තිබේ.

වසංගතය ආරම්භයේ සිට රුසියාවේ ඇති වූ කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව 4,012,710ක් බව එරට සෞඛ්‍ය අංශ ගෙනෙන දත්ත පෙන්වා දෙයි.

එසේම ගෙවීගිය පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 536 දෙනෙකු මිය යාමෙන් පසු නිල මරණ සංඛ්‍යාව 78,134ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles