රුසියාවේ මත්පැන් විෂ වීමක් නිසා 18ක් මරුදකී


රුසියාවේ, යෙකටරින්බර්ග් නගරයේ මත්පැන් විෂ වීමෙන් පුද්ගලයින් 18දෙනෙකු මියගොස් ඇති බව එරට අපරාධ විමර්ශනය කිරීමේ වගකීම දරන රුසියානු විමර්ශන කමිටුව නිවේදනය කරයි.

පරීක්‍ෂණවලදී සොයාගනු ලැබුවේ වින්දිතයින් මූලික වශයෙන් කාර්මික අවශ්‍යතා සඳහා භාවිත කරන විෂ සහිත මධ්‍යසාරයක් අඩංගු මත්පැන් පානය කර ඇති බවයි. ඔක්තෝබර් 7 සිට 14 දක්වා කාලය තුළ වින්දිතයින් පිරිසක් මත්පැන් මිලදී ගෙන ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් විමර්ශන වලදී සොයාගෙන ඇත.

මෙම සිදුවීම වාර්තා වන්නේ, පසුගිය සතියේ නිරිතදිග රුසියාවේ නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් 34දෙනෙකු මියගොස් ඇති බවට වූ සැකය හා සම්බන්ධ විමර්ශනයෙන් පසුවය.



Recommended Articles