රුසියාවේ මත්පැන් පානය සියයට 43කින් අඩුවී ඇති බව WHO කියයි


2003 සිට 2016 දක්වා රුසියානු මත්පැන් පානය 43%කින් අඩු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසයි.

රජය විසින් ක්‍රියාත්මක කරන ලද මත්පැන් පාලනය කිරීමේ ක්‍රියාමාර්ග මාලාව, මෙසේ මත්පැන් පානය පහත වැටීමට හේතු වී ඇති අතර, එය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් කරා ජනතාව තල්ලු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ මත්පැන් පානය අඩුවීම ආයු අපේක්ෂාවේ සැලකිය යුතු වැඩි වීමකට සම්බන්ධ බවයි.

රුසියාව මීට පෙර ලෝකයේ මත්පැන් පානයෙන් පළමු තැනට සලකනු ලැබූ රටක් ලෙස සැලකුණු අතර, එරට රජය වහා මැදිහත්ව මේ තත්ත්වය පාලනය කර ඇත්තේ විස්මය දනවන ලෙසිනි.

මත්පැන් පානය, රුසියානු සමූහාණ්ඩුවේ වැඩ කරන වයස් කාණ්ඩයේ පිරිමින් අතර මරණ අනුපාතය සඳහා ප්‍රධාන සාධකයක් ලෙස දිගු කලක් තිස්සේ හඳුනාගෙන ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

නමුත් 2003 සිට 2018 දක්වා කාලය තුළ මත්පැන් පානය හා මරණ අනුපාතය අඩු වී ඇති අතර, මරණයට හේතු වූ වැදගත්ම වෙනස්කම් සිදුවී ඇත්තේ මත්පැන් පානය අඩුවීම සමගිනි.

2018 දී රුසියාවේ ආයු අපේක්ෂාව ශීඝ්‍රයෙන් උපරිමයකට ළඟා වූ අතර පිරිමින් සඳහා අවුරුදු 68ක් සහ කාන්තාවන් සඳහා අවුරුදු 78ක් විය.

හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව් යටතේ හඳුන්වා දුන් මධ්‍යසාර පාලන ක්‍රියාමාර්ග අතරට වෙළෙඳ දැන්වීම් සීමාකිරීම, මත්පැන් සඳහා බදු වැඩිකිරීම සහ ඇතැම් කාල සීමාවන් අතරතුර මත්පැන් අලෙවිය තහනම් කිරීමද ඇතුළත් විය.



Recommended Articles