රුසියාවේ උර්පාම් කලාපයේ ඉස්වෙස්ක් නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 15දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට විමර්ශන කමිටුව පවසයි.
සැකකරු ස්කී මුහුණු ආවරණයක් සහ නාසි සංකේත සහිත කළු ටී ෂර්ට් එකක් පැළඳ සිටි බව නිලධාරීන් පවසයි. ප්‍රහාරයෙන් පසු ඔහු සියදිවි නසාගෙන මිය ගිය බවත් ඔහුගේ අනන්‍යතාව මේ වනවිට තහවුරු වෙමින් පවතින බවත් ඔවුහු පවසති.
වින්දිතයින්ගෙන් අවම වශයෙන් එකොළොස් දෙනෙකුවත් 600,000 කට අධික ජනගහනයක් සිටින නගරයේ අංක 88 පාසලේ සිසුන්ය.
ආරක්ෂකයින් දෙදෙනෙකු සහ ගුරුවරුන් කිහිප දෙනෙකුද මිය ගිය බව විමර්ශන කමිටුව පවසයි. ප්‍රහාරයෙන් ළමයින් 22 දෙනෙකු ඇතුළු 24දෙනෙකු තුවාල ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.