රුසියාවේ නව න්‍යෂ්ටික සබ්මැරීනය කලඑළි බසී


රුසියාවේ නව උපායමාර්ගික න්‍යෂ්ටික සබ්මැරීනය වන Generalissimo Suvorov රටේ නාවික හමුදාව වෙනුවෙන් සේවා සම්පාදනයට සූදානම් බව Severodvinsk හි Sevmash යාත්‍රා නිෂ්පාදකයන් පවසයි.

"Generalissimo Suvorov මුහුදු චාරිකා කිහිපයක් සිදු කිරීමෙන් පරීක්ෂණවල සියලුම අදියර සම්පූර්ණ කර තිබෙනවා. ඒ වගේම මේ සබ්මැරීනයේ පද්ධති විවිධ ආකාරවලින් පරීක්ෂාවට ලක්කර අවසන් ”සෙව්මාෂ් හි ප්‍රධාන විධායක නිලධාරී මිහායිල් බුඩ්නිචෙන්කෝ පැවසීය.

රුසියානු නාවික හමුදාව වෙත නව සබ්මැරීනය ලබා ගැනීමට පෙර යාත්‍රාව තුළ යාන්ත්‍රණ සංශෝධනය කිරීම, අභ්‍යන්තර නිමාව සහ උපකරණ සවිකිරීම ඇතුළු ක්‍රියාකාරකම් මාලාවක් සිදු කළ යුතු බවද ඔහු පැවසීය.



Recommended Articles