රුසියාවේ නව ආරක්ෂක පියවර ගැන පූටින් කියයි


යුක්රේනය විසින් එල්ල කරන අඛණ්ඩ තර්ජනය සහ ඊට වඩා කාර්යක්ෂම ප්‍රතිචාරයක් දැක්වීමේ අවශ්‍යතාව හේතුවෙන් රුසියාව හදිසි පියවර ගෙන ඇති බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් නිවේදනය කළේය.

ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී පූටින් ප්‍රකාශ කළේ ප්‍රතිපත්ති වෙනස්කම් විස්තර කරන ලියකියවිලි කිහිපයකට තමන් අත්සන් කළ බවයි. රුසියාවට එරෙහිව "ත්‍රස්තවාදී ක්‍රම" භාවිත කරන බව පවසමින් ඔහු යුක්රේනයට එරෙහි චෝදනා යළිත් අවධාරණය කළේය.

යුක්රේන හමුදා තීරණාත්මක යටිතල පහසුකම් කඩාකප්පල් කරන අතර, ප්‍රාදේශීය නිලධාරීන්ගේ ඝාතන වැඩිකර ඇති බවද පූටින් කීවේය. ඔවුන්ගේ දෘෂ්ටිවාදී මුතුන් මිත්තන් මෙන්ම, ඔවුන් උත්සාහ කරන්නේ අපරාධ පාතාල ලෝකයක් නිර්මාණය කිරීමට, කඩාකප්පල්කාරී කණ්ඩායම් සිය භූමියට යැවීමට යැයි පූටින් පවසා සිටියේය.

රුසියානු නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් න්‍යෂ්ටික බලාගාරයක් ඇතුළුව මහජන රැස්වීම්, ප්‍රවාහන හා බලශක්ති පහසුකම් මත සැලසුම්සහගත ප්‍රහාර කිහිපයක් වළක්වා ඇති බවද ඔහු කියා සිටියේය.



Recommended Articles