රුසියාව ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 40,993ක් වාර්තා කර ඇති අතර, වසංගතය රටට බලපෑ දින සිට එය ඉහළම දෛනික ආසාදන සංඛ්‍යාව වෙයි.
මේ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8,513,790ක් දක්වා ගෙන යන බව නිල අධීක්ෂණ සහ ප්‍රතිචාර මධ්‍යස්ථානය පැවසීය.
මධ්‍යස්ථානයට අනුව රටපුරා මරණ සංඛ්‍යාව 1,158කින් දිනය තුළ ඉහළ ගොස් ඇති අතර, සමස්ත මරණ 238,538ක් දක්වා වර්ධනය වී තිබේ.
මොස්කව් හි නව රෝගීන් 7,603ක් වාර්තා වූ අතර, අගනුවර සමස්ත ආසාදන 1,817,391ක් දක්වා ගෙන ගියේය.
සිකුරාදා නිකුත් කරන ලද දත්තවලට අනුව රුසියානු පුරවැසියන් මිලියන 56.7කට වැඩි පිරිසකට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් ලැබී ඇති අතර, මිලියන 50.9 කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත.
මේ තත්ත්වය සමග මුළු රටම සෙනසුරාදා සිට අවම වශයෙන් නොවැම්බර් 7දා දක්වා වැටුප් සහිත වැඩ නොකරන දින කාල සීමාවකට ඇතුළු වූ අතර, එම කාලය තුළ සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසැල් සහ ව්‍යාපාර වසා තබන අතර ගමන් සීමා කරන ලෙස ජනතාවට උපදෙස් දී තිබේ.