යුක්රේන හෙලිකොප්ටර් යානාවක් රුසියාව තුළ තෙල් පර්යන්තයක් වෙත එල්ල කරන ලද ප්රහාරය, කියෙව් සමග අනාගත සාම සාකච්ඡා සඳහා යහපත් නොවන බව ක්රෙම්ලිනයේ ප්රකාශක දිමිත්රි පෙස්කොව් පවසයි.
යුක්රේන ප්රහාරයෙන් පසු බෙල්ගොරොඩ් ප්රදේශයේ පිහිටි මෙම පහසුකම ගිනිගෙන ඇත.
මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපති ව්ලැදිමීර් පූටින් දැනුවත් කළ බව පැහැදිලි කළ පෙස්කොව්, "ඇත්ත වශයෙන්ම, මේ තත්ත්වය සාකච්ඡා දිගටම කරගෙන යාම සඳහා සුවපහසු කොන්දේසි නිර්මානය කිරීමක් ලෙස සැලකිය නොහැකියි." ඔහු තවදුරටත් අවධාරනය කළේ ඉන්ධන සැපයුමේ බාධා කිරීම් වැළැක්වීම සඳහා සෑම දෙයක්ම සිදු කරන බවයි.
ආණ්ඩුකාරවරයා කියා සිටියේ යුක්රේන හෙලිකොප්ටර් දෙකක් දේශ සීමාව හරහා ගොස් එම ස්ථානයට පහර දුන් බවයි. ප්රහාරයෙන් එහි සේවය කළ කම්කරුවන් දෙදෙනෙකුට ජීවිත තර්ජනාත්මක නොවන තුවාල සිදුවී තිබේ.