රුසියානු තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය (EU) තහනම් කිරීමෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තෙල් මිලදී ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව ප්‍රංශය කියයි.
"අපි රුසියාවෙන් ගෑස් හෝ ඩීසල් සැපයීම සඳහා ආදේශක සොයමින් සිටිනවා" ප්‍රංශ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
"උදාහරණයක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය රුසියානු තෙල් සහ ඩීසල් වෙනුවට අවම වශයෙන් තාවකාලිකව විසඳුමක් විය හැකියි. මේ සම්බන්ධයෙන් දැනටමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා." හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
යුක්රේනයේ මොස්කව් හමුදා මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් රුසියාවට එරෙහි හයවැනි සම්බාධක පැකේජය යුරෝපා සංගමය නිල වශයෙන් සම්මත කළේය.
සියලුම රුසියානු මුහුදු බොර තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා සම්පූර්ණ ආනයන තහනමක් පැකේජයට ඇතුළත් විය.