රුසියාවේ කොවිඩ් එන්නත ලබාදීම සායන 70කදී ඇරඹේ


රුසියාවේ, මොස්කව් හි කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය විසින් සායන 70ක් හරහා ස්පුට්නික් වී කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.

මෙම එන්නත ප්‍රථම වරට වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින්, ගුරුවරුන් සහ සමාජ සේවකයින් වෙත ලබාදෙන බව කියයි.

රුසියාව සෙනසුරාදා නව කොවිඩ්-19 ආසාදිතයන් 28,782 ක් වාර්තා කළ අතර, එය වාර්තාගත ආසාදිතයන් ප්‍රමාණයකි. එහිදී මොස්කව් නගරයෙන් පමණක් ආසාදන 7,993ක් වාර්තා විය.

රුසියාවේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,410,462ක් වන අතර, එරට වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 42,228ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.



Recommended Articles