රුසියාවේ කොවිඩ් ආසාදිත වූවන් 500,000ක් ඉක්මවා යයි


රුසියාව ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 8,779ක් වාර්තා කර ඇති අතර, මේ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 500,000ක් ඉක්මවා ඇතැයි රුසියානු කොරෝනා වෛරස ප්‍රතිචාර මූලස්ථානය පවසයි.

එසේම ගෙවීගිය දිනය තුළ පුද්ගලයින් 174 දෙනෙකු වෛරසය ආශ්‍රිතව මියගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාවද 6,500 ඉක්මවා ගොස් තිබේ.

ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (12දා) අලුයම වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කර තිබුණේ 501,800ක් වශයෙනි. එමෙන්ම වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 6,522ක් ලෙස සටහන් විය.

මේ අතර රුසියාවේ ආසාදිතයන් ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව නිරීක්ෂකයන් සැකපහළ කර ඇති අතර, නිවැරදිම දත්තයන් ප්‍රකාශ කිරීමක් සිදු නොවන බවට චෝදනාවන්ද පවතී.

මෙම සතිය මුලදී, මොස්කව් නගරාධිපතිවරයා ස්වයං හුදකලා කිරීමේ සීමා ඉවත් කළ අතර, මාසය අවසන් වනවිට නගරය නැවත විවෘත කිරීමට අපේක්ෂා කරයි.



Recommended Articles