රුසියාවේ දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාව නොවැම්බර් 02දා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, එය දැක්වුණේ මරණ 1,178ක් ලෙසිනි.
මේ වනවිටත් රුසියාවේ මොස්කව් නගරයේ අගුලු දැමීමක් ක්‍රියාක්මත වන අතර, මෙම නවතම තත්ත්වය රට පුරා අර්ධ අගුලු දැමීමක් නැවත පැනවීමට නිලධාරීන්ට බල කර ඇත.
රජයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය විසින් මොස්කව් නුවරින් පමණක් ආසාදිතයන් 5,736ක් ඇතුළුව පසුගිය පැය 24 තුළ නව ආසාදන 39,008ක් වාර්තා කර ඇත.