ඔමික්‍රෝන් ප්‍රභේදය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බැවින් අඛණ්ඩව 6 වැනි දිනටත් රුසියාවේ වාර්තාගත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කළ බව බලධාරීන් අනාවරණය කරයි.
ඒ අනුව ගෙවීගිය පැය 24 තුළ නව දෛනික ආසාදිත අගය දිනකට පෙර පැවති 67,809 සිට 74,692ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම රජයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය පසුගිය පැය 24 තුළ වෛරසය ආශ්රිත මරණ 657ක්ද වාර්තා කර ඇත.