රුසියාව යුක්රේනයේ ඔඩෙසාහි හෝටල් දෙකක් සහ සාප්පු සංකීර්ණයක් වෙත හයිපර්සොනික් මිසයිල ප්රහාර එල්ල කර ඇති බව යුක්රේනය පවසයි.
රුසියාවේ නව හයිපර්සොනික් මිසයිල හෙවත්, Kinzhal මිසයිල තුනක් මෙම ප්රහාරයට යොදාගෙන ඇති අතර, ගුවන් යානයක සිට මෙම ප්රහාර එල්ල කරමින් සංචාරක යටිතල පහසුකම් ඉලක්ක වෙත පහරදීම සිදුකර ඇත.
හෝටල් වෙත එල්ල වූ මිසයිල ප්රහාරයෙන් දෙදෙනෙකු රෝහල් ගත කළ බව කර ඇති අතර, තුවාලකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා වී නැත.
යුක්රේනයේ සන්නද්ධ හමුදා දක්ෂිණ මෙහෙයුම් විධානයට අනුව සාප්පු සංකීර්ණයකටද මිසයිල ප්රහාර හතක් එල්ල වී තිබේ. මෙම ප්රහාරයෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.