රුසියාවට ගහන්න යුක්රේනය වෙත තවත් ඩො. බිලියනයක්


කාලතුවක්කු, පතොරම් සහ ප්‍රබල රොකට් පද්ධති ඇතුළු ආරක්ෂක ආධාර වශයෙන් තවත් ඇ.ඩො.බිලියනයක් යුක්රේනය වෙත ලබාදෙන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරමින් කියා සටියේ සිය යුක්රේන සගයා වන වොලොදිමියර් සෙලෙන්ස්කි සමග දුරකථන ඇමතුමකින් පසුවය.

බයිඩන් විසින් එහිදී සෙලෙන්ස්කි වෙත පවසා ඇත්තේ, අමතර කාලතුවක්කු සහ වෙරළබඩ ආරක්ෂක ආයුධ මෙන්ම ඩොන්බාස් හි ආරක්ෂක මෙහෙයුම් සඳහා සහාය වීමට අවශ්‍ය කාලතුවක්කු සහ ප්‍රබල රොකට් පද්ධති සඳහා පතොරම් මෙම ආධාරයට ඇතුළත් බවයි.

යුක්රේන සන්නද්ධ හමුදාවන්ට අතිරේක ජාත්‍යන්තර සහයෝගය සම්බන්ධීකරණය කිරීම සඳහා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්ගේ නායකත්වයෙන් බ්‍රසල්ස්හි පැවති සම්බන්ධතා කණ්ඩායමේ රැස්වීම පිළිබඳවද නායකයන් ඔවුන් දෙදෙනා සාකච්ඡා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ආයුධ සහ පතොරම්වලට අමතරව, සුරක්ෂිත පානීය ජලය, තීරණාත්මක වෛද්‍ය සැපයුම් සහ සෞඛ්‍ය සේවා, ආහාර, නවාතැන් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යුක්රේන ජනතාව වෙත මුදල් ලබාදීමට එක්සත් ජනපදය තවත් ඇ.ඩො.මිලියන 225ක මානුෂීය ආධාරයක් එරටට ලබාදෙන බවද බයිඩන් කියයි.



Recommended Articles