රුසියාවට එරෙහිව බටහිරින් දෙමුහුන් සටනක් - ලැව්රොව්


බටහිර විසින් රුසියාවට එරෙහිව සම්පූර්ණ, දෙමුහුන් යුද්ධයක් දියත් කරන බවට චෝදනා කරන රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්, මෑත කාලීන සම්බාධක රැල්ල එහි ආර්ථිකය සමූලඝාතනය කිරීමේ අරමුණ ඇතිව සිදුකර ඇති එකක් බව කියයි.

සිකුරාදා මොස්කව්හි පැවති ගොර්චකොව් මහජන රාජ්‍යතාන්ත්‍රික අරමුදලේ රැස්වීමකදී ඔහු මෙම ප්‍රකාශය සිදුකළේය. පසුගිය මාසයේ රුසියාව යුක්රේනයට එල්ල කළ ප්‍රහාරය වෙනුවෙන් බටහිර පළිගැනීම් යුද්ධය මෙසේ දියත් කර ඇති බව ලැව්රොව් පැවසීය.

"අද එය සැබෑ දෙමුහුන් යුද්ධයක්, සම්පූර්ණ යුද්ධයක්" ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව පැවසූ ලැව්රොව් මෙම යෙදුම, හිට්ලර්ගේ ජර්මනිය විසින් භාවිත කරන ලද එකක් බවද සඳහන් කළේය. ඒ අනුව, යමින් දැන් බොහෝ යුරෝපීය දේශපාලනඥයන් රුසියානු සමූහාණ්ඩුවට එරෙහිව මීට එක්ව ඇති බවද හෙතෙම පැවසීය.



Recommended Articles