රුසියාවට එරෙහිව G7 සම්බාධක පෙරළා ඒවිද?


G7 රටවල නායකයින් අඟහරුවාදා අවසන් වූ සමුළුවෙන් පසුව නිකුත් කරන ලද නිවේදනයක රුසියාවට එරෙහිව තවත් සම්බාධක පනවන බවට පොරොන්දු විය.

රුසියාව පෙබරවාරි මාසයේ යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයු" ආරම්භ කළ දා සිට, බටහිර හිතවාදීන් රුසියාවට එරෙහිව වෙළෙඳ හා මූල්‍ය සම්බාධක වටයක් පනවා ඇත. දැනටමත් මෙම සම්බාධක, කොවිඩ්-19 බලපෑමට ලක් වූ ගෝලීය ආර්ථිකයේ ප්‍රකෘතිය අඩු කර ඇති අතර, ගෝලීය සැපයුම් දාමය සහ බලශක්ති ආරක්ෂාව නරක අතට හරවා තිබේ.

G7, වඩාත්ම දියුණු ගෝලීය ආර්ථිකයන්ගෙන් සමන්විත වේ. එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, කැනඩාව, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඉතාලිය යන එම රටවල් සිය නවතම නිවේදනයෙන් රුසියානු බලශක්තිය මත ඔවුන්ගේ යැපීම ක්‍රමානුකූලව ඉවත් කරන බව යළිඅවධාරණය කර ඇත. යෝග්‍ය අවස්ථාවලදී තාවකාලික ආනයන මිල සීමාවන් හඳුන්වා දීමේ ශක්‍යතාව ඇතුළුව, ඉහළ යන බලශක්ති මිල ගණන් මැඬලීමේ ක්‍රම ගවේෂණය කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.



Recommended Articles