රුසියාවට එරෙහි බටහිර සම්බාධක, මේ වනවිට දිග හැරෙමින් පවතින ලෝක ආහාර හිඟයට කිසිදු සම්බන්ධයක් නොමැති බව යුක්රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා පවසයි.
ට්විටර් පණිඩවුයක් නිකුත් කරමින් කුලේබා පැවසුවේ, "රුසියාවට එරෙහි සම්බාධක, දැනට දිග හැරෙන ගෝලීය ආහාර අර්බුදයට කිසිදු සම්බන්ධයක් නැහැ." යනුවෙනි.
කුලේබා වැඩිදුරටත් කියා සිටියේ, "ආහාර හිඟය, මිල ඉහළ යාම සහ සාගින්න සඳහා එකම හේතුව රුසියානු හමුදාව යුක්රේන ආහාර අපනයන ටොන් මිලියන 22ක් අපගේ වරායන් තුළ භෞතිකව අවහිර කිරීමයි." යනුවෙනි.
ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් බ්‍රහස්පතින්දා කියා සිටියේ රුසියාව යුක්රේනයෙන් ධාන්‍ය අපනයන අවහිර කිරීම සම්බන්ධයෙන් බටහිර චෝදනා පිළිගන්නේ නැති බවත්, ඒ වෙනුවට මෙම රටවල ක්‍රියාවන් එවැනි අවහිරයකට තුඩු දුන් බවත්ය.
එසේම යුක්රේනය තම ඉල්ලීම් පිළිගෙන සැබෑ තත්ත්වය අවබෝධ කර ගන්නා තෙක් රුසියාව බලා සිටින බව පෙස්කොව් පැවසීය.
රුසියාව සහ යුක්රේනය ලෝකයේ විශාලතම ප්‍රධාන ආහාර වර්ග කිහිපයක ප්‍රමුඛතම අපනයනකරුවන් වන අතර ඔවුන් අතර සූරියකාන්ත තෙල් සහ බීජ ගෝලීය වෙළඳාමෙන් 53%ක් සහ තිරිඟු වෙළෙඳාමෙන් 27%ක් ඇතුළත් බව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව පෙන්වා දෙයි.