එක්සත් ජනපද බෝම්බ හෙළන යානා විසින් රුසියාව වෙත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට විවිධ දිශාවන් දෙකකින් පෙරහුරු කළ බවට රුසියානු අරක්ෂක ඇමති චෝදනා කරයි.
මේ මස මුලදී ඇමෙරිකානු ගුවන් යානා රුසියානු දේශසීමාවේ සිට කිලෝමීටර් 20 ක් ඇතුළතට පැමිණ තිබූ බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ පෙන්ටගනය පැවසුවේ සිය හමුදා අභ්‍යාස එකල ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළ බවත්, ජාත්‍යන්තර නීතිරීතිවලට අනුකූල වූ ඒවා බවත්ය.
මොස්කව් වෙතින් මෙම චෝදනාව පැමිණෙන්නේ යුක්රේනය සම්බන්ධයෙන් වොෂින්ටනය සමග දැඩි ආතතියක් උද්ගතව පවතින වාතාවරණයකය.
එහිදී එක්සත් ජනපදය විසින් යුක්රේනය වෙත රුසියානු ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කනස්සල්ල පළ කර තිබුණත්, එම චෝදනාව රුසියාව අසත්‍යයක් ලෙස බැහැර කර ඇත.
රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු පැවසුවේ, මේ මාසයේ රුසියාවට ආසන්නව ඇමෙරිකානු ගුවන් ගමන් 30ක් සිදුකර ඇති බවය. එක්සත් ජනපද උපායමාර්ගික බෝම්බ හෙලන යානාවල ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වැඩි වීමක් මොස්කව් විසින් නිරීක්ෂණය කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට වඩා 2.5 ගුණයකින් වැඩි බව ඔහු පැවසීය.
මෙම මස මුලදී රුසියාවට එරෙහිව එක්සත් ජනපද න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා පෙරහුරුවක් කළ බව ෂොයිගු විශේෂයෙන් චෝදනා කළේය.
ඒ අනුව එක්සත් ජනපද ග්ලෝබල් තන්ඩර් හමුදා අභ්‍යාසය අතරතුර, ඇමෙරිකානු උපායමාර්ගික බෝම්බ හෙලන යානා 10ක් බටහිර හා නැගෙනහිර දෙසින් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික අවි දියත් කිරීමට පෙරහුරු කළ බව ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේය.