රුසියාවට ඉහළින් හඳුනා නොගත් පියාසර වස්තුවක්?


රුසියාවේ දෙවැනි විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ඉහළින් හඳුනා නොගත් පියාසර වස්තුවක් ගමන් කිරීම හේතුවෙන් එම ගුවන් කලාපය හදිසියේම වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව, මෙම කලාපයේ ගුවන් ගමන් පැයක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.

"ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ඉහළ ගුවන් කලාපය විවෘත කරනු ලැබුවා. සියලු තාවකාලික තහනම් ඉවත් කිරීමට කටයුතු කළා" යැයි පසුව සඳහන් කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට කිලෝමීටර් 160-200ක් පමණ දුරින් මෙසේ හඳුනා නොගත් පියාසර වස්තුවක් වාර්තා වූ බවය. මේ තත්ත්වය තුළ ගුවන් තොටුපොළ වෙත ගුවන් යානා ඇතුළුවීමද වළක්වමින් ආරක්ෂක අංශ සූදානම් වී ඇත. කෙසේ වෙතත් මෙය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය කෙරී නොමැත.



Recommended Articles