ගෝලීය සන්ධර්භයෙන් රුසියාව හුදකලා කිරීමට බටහිර රටවල් උත්සාහ කළත් එම ප්රයත්නය ව්‍යර්ථ වී ඇති බව යුරෝපා සංගම් සාමජිකයන් පවසයි.
විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතීත්වය මෙවර රුසියාව වෙත හිමිවීමත් එහිදී කැපීපෙනෙන අවස්ථාවක් බව පෝලන්ත නියෝජ්‍ය විදේශ අමාත්‍ය පවෙල් ජැබ්ලොන්ස්කි පවසයි.
රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතීත්වයට පත්වීම වැළැක්විය යුතු තත්ත්වයක් වුවත්, එම මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනාගෙන් එක් අයෙකු වන රුසියාව ඉන් වළැක්වීම කිසිසේත්ම කළ නොහැකි තත්ත්වයක් බවද අමාත්‍යවරයා පවසා සිටියේය.