බටහිර යුක්රේනයේ ඉවානෝ-ෆ්රෑන්කිවස්ක් නගරය ආසන්නයේ අවි ගබඩාවක් විනාශ කිරීමට රුසියානු හමුදාව සිය අති නවීන කින්සාල් හයිපර්සොනික් මිසයිල භාවිත කළ බව අනාවරණය කරයි.
ප්‍රහාරක යානයක සිට ගුවනින් දියත් කරන මෙම මිසයිල පද්ධතිය යුක්රේනය සමග සිදුවන ගැටුමේදී ප්‍රථම වරට යොදාගත් බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා කියයි.
එය ඩෙලියාටින් ගම්මානයේ පිහිටි යුක්රේන හමුදාවන්ගේ විශාල භූගත මිසයිල සහ ගුවන් බෝම්බ ගබඩාවක් ඉලක්ක කර ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉංග්‍රීසි බසින් කිණිස්ස යන අරුත දෙන කින්සාල් මිසයිලයට පියාසැරිය අතරතුර ඕනෑම ගුවන් ආරක්ෂක වළල්ලක් විනිවිද යාමට හැකි බව කියනු ලැබේ.
මෙම කින්සාල් මිසයිල රැගෙන යන්නේ MiG-31K සුපර්සොනික් ඉන්ටර්සෙප්ටර් ගුවන් යානයක් මගින් වන අතර, එය නේටෝව හඳුන්වන්නේ ෆොක්ස්හවුන්ඩ් ලෙසිනි.