රුසියාව සහ ඉන්දියාව අතර වෙළෙඳාමේදී සෘජු රුපියල්-රූබල් ගෙවීමට ඉඩ සලසන පද්ධතියක් මේ සතියේ දියත් කළ හැකි බව ඉන්දීය අපනයන සංවිධාන සම්මේලනයේ (FIEO) සභාපති ඒ. ශක්තිවේල් පවසයි.
මෙම විධිවිධානය මගින් ඉන්දියාවට සහ රුසියාවට එක්සත් ජනපද ඩොලරය මගහැර මූල්‍ය මෙහෙයුම් සිදුකිරීමට ඉඩ සැලසෙයි. යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් බටහිර සම්බාධක හේතුවෙන් රුසියාව එක්සත් ජනපද මුදල් භාවිත කිරීම අවහිර කර ඇති පසුබිමක මෙම නව මූල්‍ය මෙහෙයුම සඳහා ඔවුන් සූදානම් වෙයි.
නිලධාරියාට අනුව, රුපියල-රූබල් වෙළෙඳ යාන්ත්‍රණයේ නිරත වීමට ඉන්දියානු බැංකු පහක් වෙත ඉඩදීමේ යෝජනාවක් සඳහා ඉන්දීය රජය කටයුතු කරමින් සිටින අතර, ඒ පිළිබඳව මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ බැංකු අතර සාකච්ඡා දැනටමත් පවත්වා තිබේ.
ඒ අනුව, SWIFT වැනි ජාත්‍යන්තර ගෙවීම් යාන්ත්‍රණ රුසියාව තුළ සම්බාධක මගින් තහනම් කර තිබියදීත්, ඉන්දියානු අපනයනකරුවන්ට රුසියාව සමග දිගටම ව්‍යාපාර කිරීමට මෙම විධිවිධානය ඉඩ සලසයි. එය රුසියානු බලශක්ති (ඉන්ධන) අපනයන සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීමට ඉන්දියාවට වැඩි ඉඩක් සලසයි.
ශක්තිවේල්ට අනුව, මෙය ඉන්දියානු අපනයනකරුවන්ටත් රුසියානු වෙළෙඳපොළ වෙත පුළුල් ප්රවේශයකට අවස්ථාවක් ලබාදෙන හෙයින්, රුසියාව මුහුණදෙන සම්බාධකවලින් ඉන්දියාවට ආර්ථිකයට ලාභ ලැබිය හැකි පරිසරයක් නිර්මාණය වෙයි.
"මීට පෙර රුසියාවට අපනයනය කරන භාණ්ඩ බොහෝ තිබුණේ නැහැ. පැවතියේ කෘෂිකර්මික සහ ෆාමසි නිෂ්පාදන පමණයි. දැන් මුළු බටහිර රටවල්ම රුසියාව තහනම් කරන නිසා ඉන්දියානු සමාගම්වලට රුසියාවට ඇතුළු වීමට බොහෝ අවස්ථාවන් ලැබෙනු ඇති" ඔහු ප්‍රකාශ කළේය.