නැගෙනහිර යුරෝපයේදී රුසියාව සමග ගැටුමකට ගියහොත් බ්‍රිතාන්‍ය ගොඩබිම් හමුදා අනිවාර්යයෙන්ම රුසියානු බලය හමුවේ පරාජයට පත්වන බව ආරක්ෂක බුද්ධි මණ්ඩලයක් පවසයි.
රෝයල් යුනයිටඩ් සර්විසස් ආයතනයේ (Rusi) කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ බ්‍රිතාන්‍ය හමුදාවට මෙන්ම නේටෝ හමුදාවන් කාලතුවක්කු සහ පතොරම්වල “බරපතල හිඟයක” පසුවන බවයි.
එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මෙවැනි තත්ත්වයක් තුළ විශ්වාසනීය ආරක්ෂක ස්ථානයක් පවත්වා ගත නොහැකි බවයි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ එක්සත් රාජධානිය නේටෝ සමඟ සමීපව කටයුතු කරන අතර එය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට හොඳින් සන්නද්ධව සිටින බවයි.
එනමුදු, සන්ධානයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් ලබන සතියේ ලන්ඩනයේ නේටෝ නායකයින්ගේ රැස්වීමකට පෙර මෙම පර්යේෂණය සිදුවීමද එය වඩාත් කතාබහට ලක්වීමට හේතු වී ඇත.
2014 දී මොස්කව් විසින් ක්‍රිමියාව ඈඳා ගැනීමත් සමඟ එක්සත් රාජධානිය සහ අනෙකුත් නේටෝ සාමාජිකයන් සමඟ නැගෙනහිර යුරෝපයේ හමුදා ස්ථානගත කර තිබේ.
බ්‍රිතාන්‍ය හමුදා 800ක් පමණ මේ වනවිට එස්තෝනියාවේ ස්ථානගත කර ඇති අතර, එහි පළමු බලඇණිය ස්ථානගත කරන ලද්දේ 2017 දී ය.