රුසියාව සමග අඟහරු-චන්ද්‍ර මෙහෙයුම් EU අවලංගු කරයි


යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඊට සහාය දක්වන්නන් විසින් මොස්කව් වෙත පනවා ඇති සම්බාධක උපුටා දක්වමින් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA), රුසියාව සමග සැලසුම් කර ඇති චන්ද්‍ර මෙහෙයුම් තුනක් සහ ExoMars අඟහරු මෙහෙයුම සඳහා සහයෝගීතාව නවත්වන බව පවසයි.

මුලින් සැලසුම් කළ විද්‍යාත්මක පර්යේෂණවලින් සමහරක් ආරක්ෂා කරගැනීම සඳහා NASA සහ පෞද්ගලික සමාගම් සමඟ හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීමට නියෝජිතායතනය අපේක්ෂා කරයි.

මෙම තීරණය ESA හි අධ්‍යක්ෂ ජනරාල් ජෝසෆ් ආෂ්බැෂර් විසින් පුළුල් සමාලෝචනයක ප්‍රතිඵලයක් බව කියා සිටින ලදී. "ESA සඳහා මෙම නව භූ දේශපාලනික සන්දර්භයේ ඇති විය හැකි ප්‍රතිවිපාක නිර්ණය කිරීමේ අරමුණ ඇතිව යුරෝපය සඳහා වඩාත් ඔරොත්තු දෙන සහ ශක්තිමත් අභ්‍යවකාශ යටිතල පහසුකම් නිර්මාණය කිරීම අවශ්‍ය වෙනවා. අභ්‍යවකාශයේ ශක්තිමත්, ස්වාධීන සහ ඔරොත්තු දෙන යුරෝපයක් සඳහා අපගේ අභිලාෂයන් ඉටු කිරීමට කාලය දැන් පැමිණ තිබෙනවා" හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගියදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් කියා සිටියේ රුසියාව සිය චන්ද්‍ර මෙහෙයුම් නැවතත් ආරම්භ කරන බවයි. එසේම මේ වනවිට චීනයද ඔවුන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බැවින්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ මෙම තහනම රුසියාවට බලපෑමක් නොකරනු ඇති අතර, එය රුසියාව හා චීනය තවදුරටත් බලාත්මක කිරීමකට පමණක් තුඩුදෙනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.



Recommended Articles