රුසියාව විශාලතම අභ්‍යවකාශ මොඩියුලය ISS වෙත යවයි


රුසියානු බහුකාර්ය විද්‍යා මොඩියුලය කසකස්තානයේ බයිකොනූර් අභ්‍යවකාශ මෙහෙයුම් පථයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) දක්වා සාර්ථකව දියත් කළ බව රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

විද්‍යා මොඩියුලය සහිත ප්‍රෝටෝන-එම් රොකට්ටුව අද (21දා) පස්වරුවේ දියත් කර ඇති අතර, මෙය දින 8කින් හෙවත් ජූලි 29දා ISS හි ස්වේස්ඩා මොඩියුලය සමග සම්බන්ධ වීමට නියමිත බව එහි වැඩිදුරටත් දැක්වේ.



Recommended Articles