රුසියාව රටවල් රැසක ගුවන් ගමන් තහනම ඉවත් කරයි


බංගලිදේශය, බ්‍රසීලය, මොංගෝලියාව, කොස්ටාරිකාව සහ ආර්ජන්ටිනාව ඇතුළු රටවල් කිහිපයක් වෙත ගුවන් ගමන් සඳහා වන කොවිඩ්-19 තහනම දෙසැම්බර් 1දා සිට රුසියාව විසින් ඉවත් කරන බව එරට රජයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ වසංගතය ඇති වූ විට රජය විදේශයන්හි සාමාන්‍ය වාණිජ ගුවන් ගමන් නැවැත්වූ නමුත් එතැන් සිට එය ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම ආරම්භ කළේය.

කොව්ඩ්-19 වසංගතය සමග ජීවත්වීමේ ක්‍රමවේදයට ලෝකය මේ වනවිට යොමුවෙමින් සිටින අතර, ලොව බොහෝ රටවල් මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට යටත්ව සිය රටවල් විවෘත කරමින් සිටියි.



Recommended Articles