රුසියාව බටහිර දේශසීමාවේ ගුවන් ප්‍රහාර අභ්‍යාස පවත්වයි


විරුද්ධවාදියෙකුගේ දැවැන්ත ගුවන් ප්‍රහාරයක් මැඬපැවැත්වීම අරමුණු කරමින්, රුසියානු හමුදා අභ්‍යාසයක් පවත්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම අභ්‍යාසය පැවැත්වුණේ, එක්සත් ජනපදය සහ ඊට හිතවත් රාජ්‍යයන් විසින් රුසියාව ආපසු නොවැටෙන තැනකට ඇද දමා ඇති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවය.

මෙම මෙහෙයුම සඳහා භටයන් 1,000ක් පමණ සහභාගී වූ අතර, යුක්රේනය ආසන්නයේ අභ්‍යාසවලින් පසු සමහර හමුදා නැවත ස්ථිර කඳවුරු වෙත පැමිණීමට පටන් ගෙන ඇත.

ඉරිදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පුටින් පැවසුවේ, "මම තරණය නොකළ යුතු 'රතු ඉරි' ගැන කතා කළා. ප්‍රශ්නය නම් අපට ආපසු වැටෙන්නට තැනක් නොමැති වීමයි. ඔවුන් අපව (නේටෝව) එවැනි තැනකට තල්ලු කරමින් සිටිනවා." යනුවෙනි.

මොස්කව් විසින් වොෂින්ටනයට සහ නේටෝවට යවන ලද ආරක්ෂක යෝජනාවල හරය තේරුම් ගන්නා ලෙස පූටින් රුසියානු ජනතාවගෙන්, යුක්රේන ජනතාවගෙන්, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.



Recommended Articles