රුසියාව ධාන්‍ය අපනයන ගිවිසුම අත්හිටුවීමට යයි


සෙවාස්ටොපෝල් හිදී නෞකාවලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු යුක්රේනයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීමේ ධාන්‍ය ගනුදෙනුවට රුසියාව සහභාගී වීම අත්හිටුවා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සෙනසුරාදා ප්‍රකාශ කළේය.

දෙරට අතර ගැටුම්වලින් පසුව යුක්රේනයේ ධාන්‍ය අපනයනය සඳහා පහසුකම් සලසමින් මෙම දෙපාර්ශ්වය එකඟත්වයකට පැමිණියේය.

එය ගෝලීය ආහාර සැපයුම්දාමවල සුරක්ෂිතතාවට විශාල පිටුබලයක් වූ අතර, මෙම නවතම තත්ත්වය සමග එය යළිත් බිඳ වැටීමේ අවදානමක් මතුව තිබේ.



Recommended Articles