රුසියාව දැන් තනිකරම රූබලයේ රටක් වෙලාලු


රුසියානු පුරවැසියන්ට සහ සමාගම්වලට රූබල් හැර වෙනත් විදේශීය මුදල්වලින් ඔවුන්ගේ විදේශ ණය ගෙවීමට තවදුරටත් නොහැකි බව රටේ මහ බැංකුව නිවේදනය කර තිබේ.

රුසියාවට සම්බාධක පනවා ඇති රටවල පුරවැසියන් වන අනේවාසිකයින්ට, රුසියාවේ සිට විදේශයන්හි මුදල් මාරු කිරීම මහ බැංකුව විසින් මූල්‍ය ආයතනවලට තාවකාලිකව තහනම් කර ඇති බව මීට පෙර වාර්තා විය. මෙම තහනම මාර්තු 1දා සිට මාර්තු 31දා දක්වා ක්‍රියාත්මක වන අතර පුද්ගලයන්ට සහ ආයතනවලට එය අදාළ වේ. මෙම තහනමෙන් පීඩාවට පත් පුරවැසියන් සිටින රටවල් ලැයිස්තුවට රටවල් 43ක් ඇතුළත් වේ.

මීට අමතරව, රුසියානු සමාගම් තවදුරටත් අනේවාසිකයින්ට ලාභාංශ ගෙවිය නොහැකි බවද එරට නියාමකයා නිවේදනය කර ඇත.

යුක්රේනයේ හමුදා මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් ගණනාවක් රුසියානු මූල්‍ය අංශයට සම්බාධක පැනවීමෙන් පසුව රුසියාව ඊට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇත. රුසියාවේ විශාලතම බැංකු ගණනාවක් SWIFT වෙතින් කපා හරින ලද අතර, වත්කම් අත්හිටුවීම් ඇතුළු විවිධ සීමාවන්ට ලක්විය.



Recommended Articles