යුක්රේනය සමග සාම සාකච්ඡා සඳහා රුසියාව සූදානම් බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් ප්‍රකාශ කර ඇති අතර, එවැනි අපේක්ෂාවන් ප්‍රතික්ෂේප කරන අය, පවතින ගැටුම දීර්ඝ කිරීමට අනුබල දීමෙන් එවැනි සාකච්ඡා වඩාත් දුෂ්කර වනු ඇති බව වටහා ගත යුතු යැයි අනතුරු අඟවා තිබේ.
"අපි සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ප්‍රතික්ෂේප කරන අය දැනගත යුතුයි, ඔවුන් තවදුරටත් ප්‍රතික්ෂේප කරන තරමට, සාකච්ඡා කිරීම වඩාත් දුෂ්කර වනු ඇති" ගැටුම මධ්‍යයේ රුසියාව දැනටමත් සිය හැකියාවන් අවසන් කර ඇතැයි සිතිය හැකි අයට ප්‍රබල අනතුරු ඇඟවීමක් කරමින් පූටින් පැවසීය.
"ඔවුන්ට අවශ්‍ය අපිව යුද බිමේදී පරාජය කරන්න කියලයි අපිට අද අහන්න ලැබෙන්නේ. හොඳයි, ඔවුන්ට උත්සාහ කිරීමට ඉඩ දෙන්න. ඇත්තටම අපි තවම කිසිම දෙයක් පටන් අරන් නැහැ." පූටින් අවධාරණය කළේය.