රුසියාව තම ණය ගෙවන්නේ කෙසේදැයි පැහැදිලි කරයි


රුසියාව සිය ස්වභාවික ගෑස් සඳහා විදේශ ගෙවීම් ලබා ගැනීමට භාවිත කරන ක්‍රමයට සමාන යෝජනා ක්‍රමයක් එහි ස්වෛරී ණය ගෙවීම සඳහා භාවිත කරන බව මුදල් අමාත්‍ය ඇන්ටන් සිලුආනොව් රුසියානු ව්‍යාපාරයන්ට පැහැදිලි කර තිබේ.

ඒ අනුව, ණය හිමියන්ට ලැබිය යුතු පොලී මුදල් ලබා ගැනීමට, නම් කරන ලද රුසියානු බැංකුවක ගිණුම් දෙකක් විවෘත කිරීමට අවශ්‍ය වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

රුසියාව දිගු කලක් තම ණය සම්බන්ධ ගෙවීම් සඳහා බටහිර පාලනය යටතේ පවතින මූල්‍ය පද්ධතිය භාවිත කර ඇතත්, පෙබරවාරියේ යුක්රේනයට එල්ල වූ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස පනවන ලද සම්බාධක යටතේ ඊට ප්‍රවේශ වීම බටහිර විසින් සීමා කර ඇත.

වොෂිංටනය මීට පෙර රුසියානු යුරෝබොන්ඩ් හිමියන්ට ගෙවීම් කිරීමට ඉඩ දුන්නේය. පළමුව රුසියාවේ අත්හිටවූ විදේශ සංචිත භාවිත කිරීමෙනුත්, පසුව එහි විදේශ වෙළඳාමෙන් ලැබෙන අරමුදල්වලිනුත් අවස්ථාව දෙන ලදී. නමුත් පසුගිය සතියේ එක්සත් ජනපද භාණ්ඩාගාරය නිවේදනය කළේ එම නිදහස් කිරීම දීර්ඝ නොකරන බවයි.

ඒ අනුව රුසියානු මුදල් අමාත්‍යවරයා පැවසුවේ, එක්සත් ජනපදයේ තහනම මගහැරීම සඳහා රුසියාව හිතවත් රාජ්‍යන් පදනම් කරගෙන එහි ස්වභාවික ගෑස් ගැනුම්කරුවන් සඳහා හඳුන්වා දුන් යෝජනා ක්‍රමයට සමාන යෝජනා ක්‍රමයක් මේ සඳහා භාවිත කිරීමට අදහස් කරන බවයි.

මෙම ගෑස් යෝජනා ක්‍රමයේදී හිතවත් රටවල ගනුදෙනුකරුවන් රුසියානු බැංකුවක ගිණුම් දෙකක් විවෘත කිරීම අවශ්‍ය වූ අතර, ගෙවීම් යූරෝවලින් සිදුකර පසුව රුසියානු රූබල්වලට පරිවර්තනය වීම සිදුවිය. ඒ හා සමාන ක්‍රියාවලියක් මෙහිදීද සිදුවනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.



Recommended Articles