යුක්රේන අර්බුදය සහ බටහිර ප්රතිචාරය රුසියාව චීනය දෙසට තල්ලු කළ හැකි බව යුරෝපා සංගමයේ විදේශ ප්රතිපත්ති ප්රධානී ජෝසෙප් බොරෙල් විසින් දෝහා සංසදයේ ආරම්භක සැසියේදී අනතුරු අඟවා තිබේ.
එසේ කිරීම ගෝලීය උතුර සහ දකුණ අතර විශාල විරසකයක් නිර්මාණය කිරීමට හේතු විය හැකි බව රාජ්ය තාන්ත්රිකයා පැහැදිලි කළේ එවැනි තත්ත්වයක් වළක්වා ගත යුතුව ඇති බව අවධාරණය කරමිනි.
"සිදුවෙමින් පවතින දෙයෙහි නරක ප්රතිවිපාකවලින් එකක් නම්, අපට රුසියාව චීනය වෙත තල්ලු වීම නොවැළැක්විය හැකියි. එසේම, ගෝලීය ගිනිකොන දෙසින් සහ ගෝලීය වයඹ දෙසින් බෙදීමක් ඇති කළ හැකියි" බොරෙල් ප්රකාශ කළේය.
පළමුවෙන්ම, එවැනි ගෝලීය භේදයක් මතුවීම වළක්වා ගැනීම සඳහා බටහිරයන් යුක්රේන ගැටුම අවසන් කිරීමට දරන උත්සාහය වේගවත් කළ යුතු බව ඔහු පැහැදිලි කළේ, යුක්රේනය තුළ රුසියාවේ අඛණ්ඩ ප්රහාරය "හමුදා සහ උපකරණ අඛණ්ඩව අහිමි වීම හරහා සතුරා බිඳ දැමීමට උත්සාහ කරන යුද්ධයක්" ලෙස විස්තර කරමිනි.