රුසියාවේ සඳ ලෑන්ඩර් මෙහෙයුම වන ලූනා-25 මෙහෙයුම මෙම වසරේදී දියත් කරන බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් රොස්කොමොස් පවසයි.
පසුගිය වසර කිහිපය තුළ අවස්ථා කිහිපයකදී තාක්ෂණික දෝෂයන් හේතුවෙන් වරින් වර නැවතුණු මෙම මෙහෙයුම මෙම වසරේ ජූලි 13 වැනි දින සිදුකිරීමට බලාපොරොත්තු වෙයි.
මෙය වර්ෂ 1976න් පසුව සිදුවන ප්‍රථම රුසියානු චන්ද්‍ර මෙහෙයුම හෙවත්, හිටපු සෝවියට් දේශයෙන් අනතුරුව සිදුවන මෙහෙයුමකි.