රුසියාවේ කළු මුහුදේ බලඇණිය එම මුහුදු කලාපයට ඇතුළු වූ එක්සත් ජනපද යූඑස්එස් පෝටර් යුද නෞකාවේ චලනය නිරීක්ෂණය කරමින්, එය ලුහුබැඳි බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජනපද හයවැනි බලඇණිය සිකුරාදා කියා සිටියේ මෙම නෞකාව NATO හමුදාවන් සමග ක්‍රියාකිරීම සඳහා කළු මුහුදේ උතුරු දෙසට ගමන් ඇරඹූ බවයි.
ඉතාලියේ නේපල්ස් හි මූලස්ථානය පිහිටි බලඇණිය සහ නාවික ප්‍රහාරක සහ සහායක බලකා නේටෝ කාර්ය මණ්ඩලය සිකුරාදා මධ්‍යධරණී මුහුදේ සහ කළු මුහුදේ මෙහෙයුම් ආරම්භ කර තිබුණේ, ජාත්‍යන්තර මුහුදේ නාවික නිදහස පවත්වා ගැනීමට නේටෝවේ කැපවීම ප්‍රදර්ශනය කිරීම සඳහාය.
කෙසේ වෙතත් රුසියාව නේටෝව සමග පැවති සියලුම නිල සංවාදයන් අවසන් කිරීමත් සමග මෙම අභ්‍යාසය සිදුවීමද විශේෂත්වයකි.
රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති ඇලෙක්සැන්ඩර් ගෘෂ්කෝ පසුගිය සතියේ රුසියානු දේශසීමා අසල නේටෝවේ හමුදා ගොඩ නැගීම සහ යුද අවදානම් සහිත අතිශය භයානක මාවතක් වන කළු මුහුද ආශ්රිත කලාපය ගැටුම් කලාපයක් බවට පත් කිරීමේ නේටෝ සැලැස්ම පිළිබඳව සිය කනස්සල්ල පළ කළේය.