රුසියාව බැලස්ටික් මිසයිල සම්බන්ධ උපායමාර්ගික යුධ අභ්‍යාස දියත් කළ බව ක්‍රෙම්ලිනය පවසයි.
ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ රුසියානු නායක පූටින් සහ බෙලාරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ක්‍රෙම්ලිනයේ මෙහෙයුම් මැදිරියේ සිටම අභ්‍යාස නිරීක්ෂණය කළ බවයි.
ක්‍රෙම්ලිනයට අනුව උපායමාර්ගික හමුදාවන්ගේ අභ්‍යාසයේ කොටසක් ලෙස සියලුම මිසයිල දියත් කිරීම් සාර්ථක වී ඇත.
එමෙන්ම, රුසියාව සෙනසුරාදා යාර්ස් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක්ද අත්හදා බැලීම් සිදුකර තිබේ.