සෝවියට රුසියාව 1981 දී සිදුකළ සීතල යුද අභ්‍යාසයෙන් පසුව දැවැන්ත හමුදා අභ්‍යාසයකට රුසියාව සැරසෙන බව විදෙස් වාර්තා පවසයි.
ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසා සිටියේ වොස්ටොක්-2018 හමුදා අභ්‍යාසය වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් ලක්ෂ 3ක් සහභාගී වීමට නියමිතව ඇති බවයි.
මෙම හමුදා අභ්‍යාසය සඳහා චීනය සහ මොංගෝලියාව යන රටවලින්ද හමුදා කණ්ඩ සහභාගි වීමට නියමිත අතර, මෙම අභ්‍යාස මධ්‍යම හා නැගෙනහිර රුසියාව දක්වා සිදුකෙරෙනු ඇති බවද සඳහන් වෙයි.
නේටෝ සංවිධානය සහ රුසියාව අතර යම් උණුසුම් වාතාවරණයක් ආරම්භ වන පරිසරයක රුසියාව මෙම යුද අභ්‍යාසය සඳහා සූදානම් වීමද විශේෂත්වයකි.
රුසියාවේ ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු පවසා සිටියේ හමුදා අභ්‍යාසය සඳහා යුද ටැංකි, සන්නද්ධ රථ 36,000ක් පමණ සම්බන්ධ වනු ඇති බවයි.
සැප්තැම්බර් 11 සිට 15 දක්වා කාලය තුළ පැවැත්මෙන වොස්ටොක්-2018 සඳහා යුද ගුවන් යානා 1,000ක් සම්බන්ධ විමට නියමිය.