රුසියාව ISS වෙතින් ඉවත් වීමේ කාල රාමුවක් සකසයි


රුසියාව තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සමග ඉදිරියට යාමට සූදානම් බව පෙන්වීමට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) හි ඉතිරි කාලය භාවිත කිරීම සම්බන්ධ කාල සටහනක් සකසා ඇති බව රොස්කොස්මොස් ප්‍රධානියා පවසයි.

ඒ අනුව, රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් (ISS) ඉවත් වන්නේ කවදාද යන්න තීරණය කර ඇති අතර, එහි හවුල්කරුවන්ට වසරකට පෙර දැනුම්දීමක් ලබාදෙන බව දිමිත්‍රි රොගොසින් පැවසීය.

එරට රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා කියා සිටියේ කාල රාමුවක් නියම කර ඇතත්, බලධාරීන් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට බැඳී නොසිටින බවය.

යුක්රේනයට රුසියාවේ හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන් බටහිර සම්බාධක පනවා ඇති බව රොගොසින් මීට පෙර ප්‍රකාශ කළේ ISS හි එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් සමඟ ඒකාබද්ධ වැඩ කිරීමේදී රොස්කොස්මොස් වෙත සුපුරුදු පරිදි කටයුතු කරගෙන යාම වළක්වන බවයි.



Recommended Articles