රුසියාව Google News ජාල සේවාව අවහිර කරයි


රුසියානු මාධ්‍ය නියාමක රොස්කොම්නාඩ්සෝර් විසින් Google News අන්තර්ජාල සේවාව වෙත ප්‍රවේශය අවහිර කර ඇති අතර, එය යුක්රේනයේ සිදුකෙරන රුසියානු හමුදා ක්‍රියාමාර්ග පිළිබඳ "විශ්වාස කළ නොහැකි" තොරතුරු අඩංගු වාර්තා වෙත ප්‍රවේශය ලබාදී ඇති බවට චෝදනා කරමින් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව, Google News යනු මොස්කව් විසින් යුක්රේනයේ මෙහෙයුම් දියත් කළ පෙබරවාරි 24දා සිට රුසියාවේ අවහිර කර ඇති ප්‍රවෘත්ති මාධ්‍ය සේවා ලැයිස්තුවේ නවතම නාලිකාවයි. රොස්කොම්නාඩ්සෝර් ප්‍රකාශයට අනුව, Google News වෙත ප්‍රවේශය සීමා කර ඇත්තේ නීතිපති ජනරාල් කාර්යාලයේ තීරණයකට අනුවය.

නියාමකයා කියා සිටියේ, ඇමෙරිකානු ඔන්ලයින් ප්‍රවෘත්ති ජාලය යුක්රේන භූමියේ සිදුවන හමුදා මෙහෙයුමේ ගමන් මග පිළිබඳ විශ්වාස කළ නොහැකි, සමාජය නොමග යවන තොරතුරු අඩංගු ප්‍රකාශන සහ තොරතුරු රැසකට ප්‍රවේශය ලබාදී ඇති බවයි.

රොස්කොම්නාඩ්සෝර් සිය ප්‍රකාශයේ සඳහන් කළේ, නව රුසියානු නීතියකට අනුව, රුසියානු හමුදාවේ ක්‍රියාවන් පිළිබඳ දැනුවත් ලෙස අසත්‍ය තොරතුරු ප්‍රසිද්ධියේ බෙදා හැරීම සාපරාධී වරදක් බවයි.



Recommended Articles