රුසියාව, යුක්රේනය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල රාජ්‍ය නායකයින්ගේ උපදේශකයන්, පැරිසියේදී සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකරමින් මින්ක්ස් ගිවිසුම යළිත් තහවුරු කර තිබේ.
"මින්ස්ක් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් වෙනස්කම් නොතකා සටන් විරාමයට කොන්දේසි විරහිතව අනුකූල වීමට සියලු පාර්ශ්ව සහාය දක්වනවා" එම ඒකාබද්ධ ප්‍රකාශයෙන් කියවුණි.
2014 අප්‍රේල් මාසයේ සිට 14,000ක් පමණ මිය ගිය ඩොන්බාස්හි රජයේ හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම අවසන් කිරීමට අවශ්‍ය පියවර පිලිවෙලින් 2014 සැප්තැම්බර් සහ 2015 පෙබරවාරිවල ඇති කරගත් මින්ස්ක් ගිවිසුම් මගින් දක්වා ඇත.
රුසියාව නියෝජනය කරමින් ක්‍රෙම්ලිනයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී දිමිත්‍රි කොසාක් සහ යුක්රේනය ජනාධිපති කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩ්‍රි යෙර්මැක්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ උපදේශකයන් සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කෝල්ස්ද මෙම සාකච්ඡාවට එක්ව තිබුණි.