රුසියානුවන්ට යුරෝපයට සංචාරක වීසා සීමා කරයි


යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරු රුසියාව සමග සංචාරක වීසා පහසුකම් සැලසීමේ ගිවිසුමක් සම්පූර්ණයෙන් අත්හිටුවීමට එකඟ වී තිබේ.

ඒ අනුව, රුසියානු පුරවැසියන්ට යුරෝපා සංගමයට ඇතුළුවීම දුෂ්කර හා මිල අධික වන බව එම කඳවුරේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් පැවසීය.

"යුරෝපා සංගමයේ-රුසියාවේ වීසා පහසුකම් සැලසීමේ ගිවිසුම සම්පූර්ණයෙන් අත්හිටුවීමට අපි එකඟ වුණා." ඔහු ප්‍රාග්හි විදේශ අමාත්‍යවරුන්ගේ දෙදින රැස්වීම අවසානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

"මෙය යුරෝපා සංගමයේ සාමාජික රටවල් විසින් නිකුත් කරනු ලබන නව වීසා ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කරනු ඇති. එවැනි වීසා ලබාගැනීම වඩාත් අපහසු වනු ඇති අතර, ඊට වැඩි කාලයක් ගතවනු ඇති."

මෙම පියවර නිසා රුසියානුවන් වැඩි කාලයක් බලා සිටීමට සහ යුරෝපා සංගමයේ රටවලට වීසා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව කියයි.



Recommended Articles