රුසියාව සහ චීනය අඟහරුවාදා ආසියා පැසිෆික් කලාපයේ ඒකාබද්ධ ගුවන් මුර සංචාර පැවැත්වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අනාවරණය කරයි.
රුසියානු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියානු Tu-95 උපායමාර්ගික මිසයිල වාහක සහ චීනයේ Xian H-6 උපායමාර්ගික බෝම්බ හෙලන යානා ජපාන මුහුද සහ නැගෙනහිර චීන මුහුද හරහා පැවති ගුවන් මුර සංචාර සඳහා සහභාගී වූ බවයි. මීට අමතරව, Su-30SM ප්‍රහාරක ජෙට් යානාද මෙම මුර සංචාර සඳහා සහභාගි වී තිබේ.
රුසියානු උපායමාර්ගික මිසයිල වාහකයන්ගේ පියාසැරි කාලය පැය 13ක් පමණ වූ බවත්, මාර්ගයේ ඇතැම් අවධීන්හිදී, උපායමාර්ගික මිසයිල වාහක යානා දකුණු කොරියානු ගුවන් හමුදාවේ F-2 ගුවන් යානා සහ ජපාන ගුවන් හමුදාවේ F-15 මගින් නිරීක්ෂණය කරන බව තහවුරු වූ බවද රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
කෙසේ වෙතත්, චීන සහ රුසියානු ගුවන් යානා ජාත්‍යන්තර නීතියේ විධිවිධානවලට අනුකූලව දැඩි ලෙස ක්‍රියා කළ බවත් වෙනත් රටවල ගුවන් සීමාව උල්ලංඝනය නොකළ බවත් අමාත්‍යාංශය අවධාරණය කළේය.