රුසියානු විරුද්ධ පක්ෂ නායකට වස ශරීරගත කිරීමක් සිදුකළාද?


රුසියාවේ වඩාත් ප්‍රකට විරුද්ධ පක්ෂ නායකයා ලෙස සැලකෙන ඇලෙක්සි නවලානි බන්ධනාගාරයේදී වස ශරීරගත කිරීමකට ලක්ව ඇති බවට සැකයක් පළ විය.

කෙසේ වෙතත්, ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යළිත් බන්ධනාගාරගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරිය ඔහු කඩිනමින් රෝහලෙන් පිට කිරීමට විරෝධය පළ කර ඇති බවද කියැවෙයි.

මුලින් ඔහු යම් ආසාත්මිකතාවකට ලක්ව ඇති බව සඳහන් කෙරුණත්, මෙය කිසියම් රසායනික ද්‍රව්‍යයක් ශරීරත කිරීමකින් සිදුවූවක් බවට වෛද්‍යවරිය විශ්වාසය පළ කරයි.

ඒ අනුව, වඩාත් සමීපව ඔහු අධ්‍යයනය කිරීමට අවශ්‍ය වුවත්, ඒ සඳහා අවස්ථාව නොලැබුණු බවද වෛද්‍යවරිය වැඩිදුරටත් පවසා තිබේ.



Recommended Articles