රුසියානු විදේශ අමාත්‍යවරයා හදිසියේම චීනයට පැමිණෙයි


ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ තුන්වැනි රැස්වීම සඳහා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් චීනයේ අන්හුයි පළාතේ ටන්සි වෙත පැමිණ ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

මාර්තු 30-31 දිනවල නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේ ටන්සි හිදී ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල තෙවැනි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම වෙනුවෙන් සත්කාරකත්වය චීනය විසින් දරන ලැබේ. පකිස්ථානය, ඉරානය, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් මෙම රැස්වීමට සහභාගී වන අතර, රුසියාව හැර, ඉහත සඳහන් කළ සියලුම රටවල් භූගෝලීය වශයෙන් ඇෆ්ගනිස්ථානයේ අසල්වැසියන් වේ.

ඇෆ්ගන් අන්තර්වාර රජයේ වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකිට මෙම සංවාදයට සහභාගි වන ලෙස ආරාධනා කර ඇත. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වේ. බීජිං එහි සර්වකාලීන මිතුරා වන පකිස්ථානය සමග එක්ව තලේබාන් පාලනය කරන යුද්ධයෙන් විනාශ වූ රට සංවර්ධනය කිරීමට සූදානම් වෙයි. කෙසේ වෙතත් එම හමුවට ඉන්දියාවට ආරාධනා කර නැත.

ඉන්දුනීසියාවේ සහ කටාර්හි විදේශ අමාත්‍යවරුන්ට ආරාධිතයන් ලෙස මීට ආරාධනා කර තිබේ. මෙම හමුවට සමගාමීව, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී විසින් සංචාරය කරන විදේශ අමාත්‍යවරුන් සහ ඇෆ්ගන් අන්තර්වාර රජයේ වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි අතර සංවාදයක්ද පැවැත්වීමට නියමිතය.



Recommended Articles