රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 27දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 2022 ජනවාරි 30 වැනි දින එක්සත් ජනපදයෙන් නෙරපා හරිනු ඇති බව කියයි.
එමෙන්ම ඒ හා සමාන රුසියානු රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයක් 2022 ජුනි 30 වැනි දින පිටත්ව යන බවද එක්සත් ජනපදයේ රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනොව් රුසියානු මාධ්‍ය ආයතනයකට පැවසීය.
"අපේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පන්නනවා. ජනවාරි 30 වැනිදා මගේ සහෝදර රාජ්‍ය තාන්ත්‍රිකයින් 27දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල විශාල පිරිසක් අප හැර යනවා" තානාපතිවරයා පැවසීය.
"ඒ වගේම ජූනි 30 වැනිදා, එවැනිම පිරිසක් පිටත් යනවා" ඔහු තවදුරටත් පැවසීය.