රුසියානු යුද නෞකාවක් කළු මුහුදේදී ගිලී ගිහින්


රුසියාවේ ප්‍රමුඛතම කළු මුහුදේ බලඇණියට අයත් වන මොස්ක්වා මිසයිල දියත් කිරීමේ නෞකාව, එහි ඇති වූ පිපිරිමක් සහ ගිනි ගැනීමකින් පසුව, වරායට ඇදගෙන යමින් සිටියදී කුණාටු සහිත මුහුදේ ගිලී ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නෞකාවේ පතොරම් පිපිරීමක් හේතුවෙන් එහි බඳට සිදු වූ හානිය නිසා මොස්ක්වා හි ස්ථාවරත්වය නැති වූ අතර, එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙනත් නෞකා වෙත යොමු කෙරුණු බවයි.

පතොරම් පිපිරීම හේතුවෙන් යානයේ බඳට බරපතල හානියක් සිදු වූ නමුත් විවෘත ගිනිදැල් නොමැති වීමෙන් පසුව එය පාවෙමින් පැවති බව අමාත්‍යාංශය පෙර දින ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් යුක්රේනයෙන් එල්ල වූ කෲස් මිසයිලයක් හේතුවෙන් නෞකාවේ බඳට හානි වූ බව පසුගියදා යුක්රේනයේ ඔඩේසා ප්‍රදේශයේ ආණ්ඩුකාර මැක්සිම් මාර්චෙන්කෝ පවසා සිටියත්, රුසියාව එම වාර්තා ප්‍රතික්ෂේප කරයි.



Recommended Articles