රුසියානු-යුක්රේන සාකච්ඡා දෙවැනි වටය අද පැවැත්වේ


රුසියාවේ සහ යුක්රේනයේ නියෝජිතයන් අතර දෙවැනි වටයේ සාකච්ඡා අද (03දා) පැවැත්වීමට නියමිත අතර, පළමු වැනි සාකච්ඡා වටයට සහභාගී වූ නියෝජිතයන්ම මීටද සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

"දැන් එය සිදුවෙනවා. යුක්රේනය සහ රුසියාව අතර දෙවැනි සාකච්ඡා වටය අද පැවැත්වෙනු ඇති" යුක්රේන ජනාධිපති සහායකයෙක් පවසා තිබුණි.

"දූත පිරිස එකම සංයුතියක සිටිනු ඇති" නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අඟහරුවාදා රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ දෙවැනි සාකච්ඡා වටය බෙලාරුස්-පෝලන්ත දේශසීමා අසල බෙලාරුස් හිදී පැවැත්වෙන බවයි.

සඳුදා පැවති පළමු වැනි සාකච්ඡා වටය පැය පහක් පුරා පැවති අතර එය ප්‍රගතියකින් තොරව අවසන් විය.



Recommended Articles