රුසියානු මාධ්‍ය ආයතන රැසකට බටහිරින් බාධා


Facebbok, Twitterසහ YouTube ඇතුළු සමාජජාල තාක්ෂණික සමාගම් මෙන්ම, ගූගල් සෙවුම් යන්ත්‍රය හරහාද රුසියානු RT පුවත් නාලිකාව ඇතුළු එරට මාධ්‍ය ආයතන රැසක විකාශනයන්ට බාධා එල්ලවීම නිසා YouTube වැනි වීඩියෝ වෙබ් අඩවියක් වන Rumble හි විකාශනය ආරම්භ කරන බව රුසියානු රාජ්‍ය පාලිත ප්‍රවෘත්ති ජාලය RT නිවේදනය කරයි.

රුසියානු ප්‍රචාරක ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර විසින් මෙම සීමාවන් පැනවීම සිදුකර ඇති අතර, RT සහ Sputnik ඇතුළු රුසියානු මාධ්‍ය සීමා කිරීමට බටහිර තාක්ෂණික සමාගම් මෑත දිනවල පියවර ගෙන තිබුණේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමක් සිදුකරන බව පවසමිනි. කෙසේ වෙතත්, රුසියාව යුක්රේනය තුළ සිය කි‍්‍රයාමාර්ග හැඳින්වූයේ විශේෂ මෙහෙයුමක් ලෙසිනි.

Rumble යනු එක්සත් ජනපද දේශපාලන ක්ෂේත්‍රයේ ජනප්‍රිය වීඩියෝ අඩවියකි. දෙසැම්බර් මාසයේදී හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දියත් කළ සිය සමාජ මාධ්‍ය යෙදුම වන Truth Social සඳහා Rumble වීඩියෝ ප්‍රවාහය ලබාදෙයි.



Recommended Articles